Madhawa Jayasena Mad Hawa Yarns


අවුරුදු ගනාවකට පස්සේ මට අයෙත් මොනවා හරි ලින්න හිතුන. මේවා එදා සිදුවුණු ඇත්ත කතා.
සමහර ඒවා මට වුනු දේවල්.ඒ වුනාට මට නොවුණු දේවලුත් ඒවගේ තමා  ලියන්නේ.
ඉරිදා කතාව 1


ඉස්සර, ඒ කියන්නේ එක්දහස්  නවසිය හැත්ත හතට පෙර, කොළඹ තිබුනේ මොරිස් මයිනර්  ටැක්සි  විතරයි.
වහලේ උඩ  කහපාට ගාල , බඳ කලු පාටයි. හරියට කාපිරි මුඩුක්කුවේ කෙල්ලෙක් කොන්ඩේ  ටින්ට් කලා 
වගේ කියල හිතන්නකෝ. කෙල්ල කෙසේ වෙතත් ටැක්සි දක්කන්නනම් හිටියේ උඩ  රැවුල තියපු, මුහුණේ 
දිල්ෂාන්  කට් දෙකතුනක් තියන ( කඩු පාරද දැලි පිහි පාරද කියලා අඳුනගන්න බැරි වුනත් හිලක් නම් ඒ 
කිනිසි පාර තමයි). අඩෝ පඩෝ කියාගෙන හිටියාට බොක්ක හොඳ  උන් . අද ඉන්න සක්කිලි තුප්පහි ප්‍රයිවට් 
බස් කාරයොයි ත්‍රිවිල් කාරයොයි වගේ නෙමේ. අටුවා ටීකා ලිව්වේ මෙමරිය අවුස්සන්න. 


අපේ වීරයා තමයි බෝ ගහ ළඟ ටැක්සි පොලේ හිටපු.තෝමස් අය්ය. අඩුවක් නැතුව අර දේහ ලක්ෂණ සියල්ලම තිබුන.
සුදු සරමයි කමිසෙයි ඇඳලා ටක්සියේ දොරට හේත්තු වෙලා වම් අතින් නෙවිකට් සිගරට් එක අරගෙන යට තොලේ 
දැලි පිහි කැපුම උඩින් තියල අලියා ගිනිකූරෙන් පත්තු කරල වළලු දුම් පාරක් අරිනකොට අපිට මැජික්. අපිත් ගම්පහ 200 බස් 
එකක් එනකල් තෝමස්  අය්යගේ  කතා අහනවා. පට්ට කතා . ( ඒ කාලේ පට්ට කියන වචනය කිව්වේ නරක දේ වලට , අද හොඳ දේ වලට. අබුදස්ස කාලේ ලබුත් තිත්ත වෙනවලු)


" ඔන්න මල්ලි මට වුන දෙයක් කියන්නම්. හැබැයි රැට හීනෙන් බය වෙන්න එපා. ඔන්න මල්ලි ඊයේ පෙරේද  දවසක  හවස හතරට විතර මට 
හයර් එකක් ආව මහා ඉස්පිරිතාලේ ඉන්න කාකෙන්ගෙන්. දන්නෙ නැද්ද මල්ලී , කාක්කයි  අපියි දෙන්නම ජීවත් වෙන්න එපයි.
අනුරපුරෙන් හැතැප්ම විස්සක් එහා ගමකට මහත්තයෙක්  ගෙනියන්න. කාක්කා  මට කිව්වා තෝමස් අය්යේ පොර ඉස්පිරිතාලෙ ළඟ නෑ ගෙදරක කොටහළු මගුලකට ඇවිත් බෙල්ල සාකුවේ. යන්ඩ පුලුවන්ද? කවුද යකෝ බිල ගවන්නේ? මම ඇහුව්වා. "අපොයි තෝමස් අය්යෙ එහෙට යනකොට පොර කෙලින්. එනවද?
අපිත් ආදී පුඩි ගහන අයනේ මල්ලි. ඒ හින්ද මමත් ගියා  කිව්ව තැනට . කක්කයි දෙන්නෙකුයි ඇවිදින් මහත්තයව දැම්මා පස්සෙ සීට්‌ එකට. ගානකුත් පොරොන්දු උනා. මම ගමන පිටත්වුනා. ඇඩ්රැස් එකත් දුන්න. මම දැන් ඔන්න එනවා. මහත්තය සද්දයක් නැහැ. වංගුවක් ගන්නකොට පොර සීට් එකේ පෙරලුනමයි . මල්ලි මම කුරුණෑගලදී කන්ඩ නැවැත්තුව . වෙනදට කන්ඩ  ඉස්සෙල්ල සීයක් දාගත්තට අද මට දෙසීයක වෙරි. මහත්තයාගේ සුවඳට. 


ඒ කලේ කාපට් පාරවල් නැහැ. ඩබල් lane නැහැ. ඉස්පීඩ් ගන් තියාගත්ත ජරා පප්පලත්  නැහැ. . ප්රිවට් බස් නැහැ. ලන්ගමෙත් නැහැ.( අපේ රමල් සිරිවර්දනත්  නැහැ.) හයි වේ නෑ . මොබයිල් ෆෝන් නෑ .කොත්තු නෑ . ඉරාජ් නෑ .පාර දිගේ ෆ්රියිඩ් රයිස් නෑ . හුඟක් තැන්වල ලයිටුත් නෑ . මේ ටික කියන්නේ තෝමස් අය්ය නෙමේ. මම මධාවය. පටල ගන්න එපා.


ඔන්න මල්ල්ලි කොහොම හරි මම ඇඩ්‍රස් එකට ආව පාන්දර ජාමේ. හතරට විතර.  ඒක කඩයක්. එතන දෙතුන් දෙනෙක් ඇවිත් මහත්තව උස්සල ගත්ත. අප්පට සිරි, මේ ගෙනෙන්නේ ට්‍රොලියක්. දාගත්ත පොරව. ගියා . මට අන්ග්නකොරෝස් . කාක්කෙක් කෑ ගැහුවා කඩේ බෝර්ඩ් එක උද ඉඳගෙන. උඩ බලනකොට මට පෙනුනේ බෝර්ඩ් එකේ ' .......මල් සාලාව ' කියන ටික විතරයි.
මම අරගෙන ඇවිත් තියෙන්නේ මිනියක්. මල් සලාවෙන් මගේ ගාස්තුව ගෙව්ව . මම කාක්කා හොයාගෙන කොළඹ ආව . ( මල්ලිලා අහලා තියනවනේද ' මම ටැක්සි කාරය .. ඇරලා යන්න හරිම සුරයා .. සින්දුව. ඇම් ඇස් අය්යා දෙයියා )


දහවල් වරුවේ අල්ල ගත්ත කාක්කව. " අඩෝ උඹ දැන් මාව තියන් ඉන්නේ මිනී අදින්නද ?" ඌ දුන්න නියම කතාවක්.


 මේ කාලේ බොඩියක් ගෙනියන්න ඇම්බියුලන්ස් එකක් තියෙන්නේ  රේමන්ඩ්ස්, ජයරත්න වගේ අයට.  මහා ඉස්පිරිතාලේ දුර පළාතක කෙනෙක් මලහම බර ගණන්. ඉතින් මම මේ මියගිය ජනතාවට සහනයක් සලසන්න ක්‍රමයක් සොයාගත්තා. හිතල බලන්න අය්යේ , අය්ය අගමැති වුනොත් මාව ඇමතියෙක් කරන්ඩ වටින්නේ නැද්ද?


ඉතින් මල්ලිලා මම ප්‍රබුද්දයෙක් වගේ හිතල දේශ පලනයෙක් වගේ තීරණයක් ගත්ත. මේ වගේ උන් ඇමතිලා කලොත් මමත් ගොඩ.

" අන්න මල්ලිලා ගම්පහ 200 එනවා , දුවපල්ල්ලා " අපි දෙකයි  කාලට බස් එකේ නැගල තුන හමාරට ගෙදර එනවා.Welcome to our CaringBridge website. We are using it to keep family and friends updated in one place. We appreciate your support and words of hope and encouragement. Thank you for visiting.

CaringBridge is a nonprofit social network dedicated to helping family and friends communicate with and support loved ones during a health journey. Learn more about CaringBridge.

To interact with Madhawa’s website, sign in or register today.

By registering with CaringBridge, you will join over 300,000 people a day who are supporting friends and family members.

Sign In Or Register
SVG_Icons_Back_To_Top
Top